බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ අලෙවිසැල් කිහිපයක් ඉලක්ක කරමින් සිදුකළ වැටලීමකින් රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදේශ මත්පැන් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ප්‍රේමරත්න මහතා සඳහන් කරන්නේ විශ්වාසවන්ත තොරතුරක් අනුව බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ අලෙවිසැල් කිහිපයක් ඉලක්ක කරමින් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වැටලීමක් සිදු කළ බවය.
මෙම වැටලීම සඳහා කණ්ඩායම් 4ක් යටතේ නිලධාරීන් 30 දෙනෙකු පමණ සහභාගී වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම මත්පැන් තොගය රජයට බදු ගෙවීමෙන් තොරව උත්සව සමය ඉලක්ක කරමින් වෙළෙඳාමට සූදානම් කර තිබූ බවත්, එම බෝතල්වල අලවා තිබූ ස්ටිකර් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවත් හෙළිවී ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විටත් ආරම්භ ඇති බවය.
තවද, මෙම මත්පැන් තොගය ශ්‍රී ලංකාවට ගෙනා ආකාරය පිළිබඳවද විමර්ශන සිදුකරමින් පවතින බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
Saru News
















