චෙම්මනි සමූහ මිනී වළේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය මුදල් මෙතෙක් ලබා දී නැතැයි “සිළුමිණ” පුවත්පත වාර්තා කර තිබේ.
ලබන 27 වැනිදා තුන්වැනි අදියරේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණද, මෙසේ මුදල් අනුමත නොකිරීම හේතුවෙන් ඒ කටයුතු අදාළ දිනයේදී සිදු කිරීම ගැටලුවක් වී ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයාට සිහිකැඳවීමක් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක්ද නිකුත් කර තිබේ.
මේ සිහිකැඳවීමට අදාළ ප්‍රතිචාර පිළිබඳව නැවත විමසා බැලීමට ලබන 21 වැනිදා නඩුව යළි කැඳවීමටද අධිකරණය නියෝග කළ අතර, මහේස්ත්‍රාත්වරයා කැණීම්වලට පෙර නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමට නියමිතව ඇත්තේ ඉන් පසුවය.
පසුගිය සැප්තැම්බරයේදී චෙම්මනි සමූහ මිනීවළට අදාළ දෙවැනි අදියරේ කැණීම් අවසන් කෙරිණි.
Saru News













