ගල් අඟුරු ආනයනයේ දී සිදු කරන ලද වංචා පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දැනට සේවයේ යෙදී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව ප්‍රකාශ කිරීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් දැඩි ලෙස කලබල වී ඇති බව වාර්තා වේ.
ඊයේ සවස (10) පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසුව විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ මාධ්‍යවේදීන් හට පවසා ඇත්තේ “නොහිතපු ගිනි ගෙඩියක් නේ පත්තු වුණේ” යනුවෙනි. ගල් අඟුරු ආනයනය කිරීම ආරම්භ කළ දා සිට අනුගමනය කරන ක්‍රියාවලිය යටතේ නැව් 465ක් ආනයනය කර ඇති බවත්, එයින් 13ක් සම්බන්ධයෙන් පමණක් විපක්ෂය විවාද කරන බවත්, අමාත්‍ය බිමල් රත්නායක හෙළි කළේය. නමුත් එම සමස්ත ක්‍රියාවලිය තුළ සිදු කරන ලද වංචා, දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීමට පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවකට බලය පවරන බව පැවසුවේය.
මෙවැනි කොමිෂන් සභාවකින් අදාළ වැරදිකරුවන් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට ද බලය පැවරී තිබේ.
කෝප් කමිටු විමර්ශනය 2026.04.09
0
Saru News
















