බස් රථයකට යටවී 10 හැවිරිදි පාසල් දැරියකට දිවි අහිමි වෙයි

0
8

බස් රථයකට යටවී සිදුවූ අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. 

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපල මාර්ගයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (10) දහවල් බස් රථයකින් බැස පාර මාරුවීමට ගිය පාසල් දැරියක් එම බස් රථයටම යටවී මෙලෙස අනතුරකට ලක්වී තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.

මියගිය පාසල් දැරිය අවුරුදු 10ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධියට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here