සීමාවාදික වෛද්‍යවරු සඳහ් රජයේ වෛද්‍ය සේවය සඳහා පත්වීම් ලබාදීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනෙක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම අද අභියාචනාධිකරණයේදී සාකච්ඡාවට ගැණුනු අතර ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුද අද අධිකරණයට පැමිණ සිටියහ.
ඊට අදාලව අතුරු තහනම් නියෝගය ලබාදීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී.
මෙහිදී නීතිපති මූලික විරෝධතා ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයට මෙම නඩුව ඇසීමට අධිකරණ බලයක් නොමැති බැවින් නඩුව ඉවත දමන ලෙස ඉල්ලා සිටින ලදී.
එම ඉල්ලීම සළකා බලා නියෝගයක් ලබාදීම මැයි 08ට දක්වා කල් තබන ලදී.
0
Saru News
















