NSBM සිසුවා මියගියේ හෘර්දයාබාධයකින්

0
6

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, NSBM හරිත සරසවියේ සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

NSBM හරිත සරසවියේ සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබූ බව පැවසේ.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here