හිටපු ජනාධිපති මහින්දගේ වත්කම් බැරකම් ප්‍රකාශය එළියට!

0
5

රෂිකා හෙන්නායක අප්‍රේල් 10, කොළඹ LNW :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් සහ බැරකම් පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

මෙම ලේඛනය භාර දීම සඳහා අදාළ කොමිසම විසින් ලබා දී තිබූ දින 14 ක කාලසීමාව අදින් අවසන් වන බැවින් ඔහු මෙම පියවර ගෙන ඇත.

වගකිවයුතු දේශපාලනඥයෙකු ලෙස නියමිත කාලය අවසන් වීමට පෙර මෙම නෛතික අවශ්‍යතාවය සපුරාලීමට ඔහු කටයුතු කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා තමන් සතු මූල්‍ය හා දේපළ තොරතුරු විනිවිදභාවයකින් යුතුව බලධාරීන් වෙත අනාවරණය කර ඇති බව වාර්තා වේ.

The post හිටපු ජනාධිපති මහින්දගේ වත්කම් බැරකම් ප්‍රකාශය එළියට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here