මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයේ හිටපු, සභාපති, සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර 24 නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ රුපියල් මිලියන 300ක මුදලක් වංචාක් සිදු කළ බවටය.
පොලිසිය පැවසුවේ අදාළ සැකකරු සමූපකාර නීතිරීති උල්ලංඝනය කරමින් වෙනත් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූවා ඇතැයි පවසා එම මුදල් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදවා ඇති බවය.
ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙහි නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) උදෑසන ඉදිරිපත් කර තිබිණි.
5
Saru News
















