100Kgකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

0
13


අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ සීයකට වැඩි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු තංගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 100 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තබෙනවා.

ඒ අනුව තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුකළ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට ඇතුළුවන දොරටුව ආසන්නයේදී තංගල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු ලොරි රථයක් පරික්ෂාකර තිබෙනවා.

එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 720ක් සහ හෙරොයින් කිලෝ 52 ග්‍රෑම් 280ක් පොලිසිය සොයා ගත්තා.

සැටලයිට් දුරකතන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම ලොරි රථය සමග එහි රියදුරු සහ රිය සහායක ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් වයස අවුරුදු 34 සහ 35 වයස්වල පසුවන  පැපිලිවෙල සහ ගුන්නෑපාන ප්‍ර දේශවල පදිංචිකරුවන්.

ලොරි රථය නතර කිරීමේදී එක් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here