රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 08.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ.
සීමාවාසික වෛද්‍යවරු රජයේ වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීම සහ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු පදනම් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දින ගණනාවක් වරින් වර වැඩ වර්ජන ගණනාවක් ආරම්භ කරන ලදී.
පසුව සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ පත්වීම් සදහා අයදුම් නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බලපෑම් කර තිබුණද එම වෛද්‍යවරුන්ගෙන් 96%ක්ම ඒ සඳහා අයදුම් කර තිබිණි.
2
Saru News















