පටන්ගත් දා සිට මේ වනතෙක් අධිවේගී මාර්ගවල රිය අනතුරුවලින් 123ක් මිය ගිහින්

0
8

95ක්ම දක්‍ෂිණ අධිවේගයේ

අධිවේගී මාර්ග ආරම්භයේ සිට ඊයේ (16දා) වන තෙක් සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 123 දෙනකු මියගොස් ඇති අතර ඉන් 95ක්ම මියගොස් ඇත්තේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරුවලින් බව අධිවේගී මාර්ග දත්ත වාර්තාවලින් පැහැදිලි වේ.

අධිවේගී මාර්ගවල වාහන ධාවන වේගය පැයට කිලෝමීටර් 100ක් ලෙස හඳුන්වා දී ඇතත් අවම වේගසීමාවක් හඳුන්වාදී නැතැයි ද එහි උසස් නිලධාරියෙක් පැවසීය. ලෝකයේ වෙනත් රටවලත් අවම වේග සීමාවක් පනවා නොමැති බවද අධිවේගී මාර්ග විදුලි ආලෝකයෙන් සම්පූර්ණ ආවරණයක් සිදුකර නැති බවද ඔහු කීය.

මේ අතර අධිවේගී මාර්ගවල මෙන්ම වෙනත් මාර්ගවල මාරක අනතුරුවලට හේතුව අධික වේගය, නිසි විවේක ගැනීමකින් තොරව වාහන ධාවනය, නින්දයෑම ඇතුළු කරුණු බවට හඳුනාගෙන ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය.

චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here