පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමටද කටයුතු කරන බවය.
අමාත්‍යවරයා මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුව අදහස් දක්වමින් පැවසුවේ කාන්තා වැසිකිළිවල සවිකර තිබූ කරාම පළවෙනි දින ගලවා තිබීමෙන් පසු නැවත සවි කළ පසු දෙවැනි දිනටත් ඊයේ (09) රාත්‍රියේදී එම කරාම ගලවා ඇති බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙය සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ මෙහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව අද දිනයේ සාකච්ඡාවක් ද පැවැත්වෙන අතර ඒ අනුව මෙහි ඉදිරි පියවර ගන්නා බවත්ය.
Saru News













