වෙසක් පෝය දිනට පසු දින නිවාඩු දිනයක් ද.? 

0
4

2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, 2026 වෙසක් පෝය දිනට පසු දින ප්‍රසිද්ධ නිවාඩු දිනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමිනි. 

මේ වසරේ වෙසක් පොහොය දින සැමරුම 2026.05.30 දිනට යොදාගෙන තිබේ. 

ඒ හේතුවෙන් ඊට පසුදින නිවාඩු දිනයක් දැයි බොහෝ පර්ශ්ව තමන්ගෙන් විමසා සිටි බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කළේය. 

ඒ අනුව පැහැදිලි කිරීමක් සිදු කරමින් ඔහු කියා සිටියේ, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තිය යටතේ වන විධිවිධාන පරිදි 1996.10.14 දිනැති අංක 954/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති ව්‍යවස්ථාපිත නිවාඩු සංඛ්‍යාව අටක් වන බවය.

ජනවාරි 15 බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය

පෙබරවාරි 04 බදාදා නිදහස් සමරු දිනය (ජාතික දිනය)

අප්‍රේල්  13 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය

අප්‍රේල්  14 අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය

මැයි 01 සිකුරාදා – ලෝක කම්කරු දිනය

මැයි 02 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය

අගෝස්තු 26 බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය

දෙසැම්බර් 25 සිකුරාදා – නත්තල් උත්සව දිනය

ඉහත සඳහන් නිවාඩු පමණක් 2026 වසරේ ප්‍රසිද්ධ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here