සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

0
4

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස. (සා. පෙළ) විභාගය – 2025 (2026) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ උක්ත විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2026.04.22 දින සිට 2026.05.04 දින තෙක් අපේකෂකයන් 162587 ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1198 කදී පැවැත්වෙන බවය.

සංගීතය (අපරදිග) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2026.04.26 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථාන වලදී පැවැත්වෙන බවද සඳහන්ය .

ඉහත සඳහන් විෂයයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන අතර ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදු කරනු නොලැබෙන බව නිවේදනයේ දැක්වේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයටද තැපැල් කර යවා තිබේ.

පාසල් ප්‍රධානින් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍ර වල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතුය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here