2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන එය වසර ගණනාවක සිය සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල,
“පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.
2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. 2017.12. 22, 23 දින මාවනැල්ල බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාරය 2019.01.16 දින වනාතවිල්ලුව ප්‍රහසිගත කඳවුරක තිබී සොයාගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 2019.03.10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලීම් නැමැති පුද්ගලයාට වෙඩිතැබීම. 2019.04.16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ එක ම කණ්ඩායමක එකිනෙකා හා දාමගත වූ සිදුවීම් සිදුවීම් මාලාවක් බව මේක කරනකොට සහ විමර්ශන අංශයෙන් පැහැදිලි වෙනවා.
පාස්තු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනුව මේ වෙනකොට තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි මීට පෙරාතුව මොහු පාස්කු ඉරුදින ප්‍රහාරයේ නඩු විභායේ ශාක්ෂි ලැයිතුවේ පළමු ශාක්ෂිකරු විදිහට නම් කරලා තියෙනවා. 2024.10.11 කරන ලද පැමිණිල්ලකට අනුව මේ වනකොට අදාළ සැකකරු අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ නුඩු දෙකක් ගොනු කරලා තියෙනවා. යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති විශ්‍රාමික මෙජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ප්‍රහාරයට පෙරාතුව ඉස්ලාම් අන්තවාදීන්ගේ සාහසික ක්‍රියා පිළිබඳව දැන සිටිමින් ඒවා වැළැක්වීමට හා හෙළිදරව්වීම ඕනෑකමින් වළක්වා ඇති බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට අවකාශය සලසා ඇති බවටත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙහෙයවූ පුද්ගලයින් පාර්ශව කණ්ඩායම් හෙළිදරව්වීම වැළැක්වීමට සෘජුව හා වක‍්‍රකාරව කටයුතු කර ඇති බවටත් ඒ අනුව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය හා ආධාර අනුබලදීමට කටයුතු කර ඇති බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකමට සම්බන්ධ වූ හෝ ප්‍රවේදීතාවක් දක්වන්නේ යැයි සාධාරණ යුක්ති සහගතව සැකකරුනු ලැබීමට අදාළව කරුණු වාර්තාවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ඇරගෙන තියෙනවා.
හිටපු අමාත්‍යවරයෙකු වන ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාය පිළිබඳව පුර්ව දැනුවත් භාවයකින් හිටපු බවට මේ වෙනකොට කරුණ අනාවරණය වෙලා තියෙනවා. ඒ විමර්ශනත් නිවැරදිව සිදුවෙනවා.
පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතුකළ සහරාන් හෂිම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට ශාක්ෂිවලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒ පිළිබඳ විමර්ශනට කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිවී ඇති කරණු මේ අවස්ථාවේදී හෙළිකරන් හැකියාවක් නැහැ.”
1
Saru News
















