පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපරිසික් අතර ඇති වූ ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුන් පිරිසක් මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (09) රාත්‍රී පැවැත්වූ සාදයක් අතරතුරදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හටගත් ගැටුමෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු වී ඇති බව පොලිසිය පවසයි.
සිදු වූ පහරදීමකින් බරපතළ තත්වයේ පසු වූ සිසුවා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.
0
Saru News
















