සුරංගගෙන් පොර පිටියට තවත් වාසනාවක්

0
6

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 10, කොළඹ LNW:

නෙත්මි අහිංසා කී විට ලෝකයම දන්නා මල්ලව පොර ක්‍රීඩිකාවක්ය.ඇය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි සුරංග කුමාර වෙල්පල්ලෙ ඔහුගේ ක්‍රීඩා සමාජයට අයත් පුහුණු මධ්‍යස්ථානයේ ඉතා අවම පහසුකම් යටතෙ නිර්මාණය කරපු නෙත්මි වගේම තවත් බලාපොරොත්තුවක් මේ වන විට කිර්ගිස්තානයෙන් මතු වෙමින් තිබෙනවා.ඇය තවමත් විසි හැවිරිදි නිපුනි වාසනා යි.තවම ලෝක ශ්‍රේණිගත කිරීමකට සමීප වී නැති නිපුනිගේ වාසනාගේ නිපුනත්වයත් වාසනාවත් විසින් ඇය ලෝකය ඉදිරියේ අවධානයට ලක් වූ ක්‍රීඩිකාවක් ලෙම මේ තරගය නිමා කරන්නට සමත් වුණා.

නිපුනි ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදී තරග වඳින්නේ ලෝකයේ අංක 39 ට සිටින ක්‍රීඩිකාව සමඟයි.උස්බෙකිස්තානය නියෝජනය කළ 26 හැවිරිදි අක්ටෙන්ජ් කෙවුනිම්ජාඑවා සමඟ පැවති තරගයෙන් නිපුනි 3-0 පරාජය වුණේ ලෝකඩ පදක්කම අත පෙනෙන මානයේදීය.

මල්ලව පොර ක්‍රීඩාවේ දැවන්තයින් සිටින්නේ ආසියාවේයි. ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලව පොර සූරතාවලියේ ලෝකඩ පදක්කම සඳහා වන සටනට පිවිසෙන්නට, නිපුනි වාසනා සමත් වන්නේ, මල්ලවපොර දක්ෂයින් සිිටින මොංගෝලියාවේ ඇයට වඩා වයසින් වැඩි,අත්දැකීම් ඇති ලෝක ශ්‍රේණිගත කිරීම්වල කිලෝග්‍රෑම් 50 කාණ්ඩයේ හත්වන තැන සිටින 26 හැවිරිදි මුන්ක්නාර් බයම්බාසුරෙන් ලකුණු 4-2 ක් ලෙස පරාජය කරමින්.

ආසියානු මල්ලව පොර තරගයක් ලෙස හැඳින්විය හැකි නෙත්මිගේ සටන පරාජයක් නොවන ජාතික මල්ලව පොර අනාගතයේ සුපැහැදිළි දක්ෂතාවයක් ලෙස හැඳින්විය හැකියි.

The post සුරංගගෙන් පොර පිටියට තවත් වාසනාවක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here