බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට (සජීවී විකාශය)

0
7

කථානායකවරයාගේ ප්‍රධානත්වයේ අද (10) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර 

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබේ.

සජීවී විකාශය පහතින් නරඹන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here