GMOA වැඩවර්ජනය දෙවන දිනටත්

0
6

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරු 08ට දිවයිනපුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කළේ,  පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමින්ය.

වැඩවර්ජනයෙන් රෝහල්වල කටයුතු අඩපන වූ අතර රෝගීන් දැඩි පීඩාවට පත්වුණි.

කෙසේවෙතත් වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

නමුත් වෛද්‍ය සංගමය සමග අදාල පත්වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා සිටින සියලු සාමාජිකයින් සමග අද දිනයේ සාකච්ජා කර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරනය කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here