එළැඹෙන අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයෙන් මේ වනවිට අතිරේක බස්රථ සේවා යොදවා තිබේ.
ඒ අනුව ඊයේ (8) සිට එළැඹෙන 13වනදා දක්වා සෑම දිනකම අලුයම 5 සිට රාත්‍රී 10 දක්වා (අවසන් මගියා දක්වාම) ප්‍රවාහන සේවය සැපයීම සිදුකෙරේ.
එමෙන්ම මාකුඹුර පර්යන්තයට පැමිණීමට පෙර ‘0112-034474’ යන දුරකථන අංකයට අමතා බස් ධාවන කාලසටහන දැනගැනීමටද අවස්ථාව සලසා දී ඇත.
කෙසේ නමුත් මගීන්ගේ පහසුව වෙනුවෙන් හැකිතාක් කල්වෙලා ඇතිව පැමිණ සේවාව සලසා ගන්නා ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මාකුඹුර බස් පර්යන්තය සහකාර කළමණාකරු ඩී.එම්. වෙත්තසිංහ මහතා මගීන්ගෙන් ඉල්ලා සිටී.
රාත්‍රී කාලයේදී බස් ධාවන කටයුතු සිදුවන්නේ කොළඹින් පිටත් වූ බස් රථ නැවත පැමිණීමෙන් පසුව හෙයින් එම අතරතුර යම් ප්‍රමාදයන් ඇති විය හැකි හෙයින්, මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් කල්වෙලා ඇතුව පැමිණෙන ලෙස ඔහු මඟීන්ගෙන් ඉල්ලයි.
ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම විශේෂ ප්‍රවාහන සේවය සැපයීම සිදුකරනු ලබයි.
Saru News













