Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් නෙළුම් කුළුණ චිත්‍රපටයේ දමිළ අනුවාදය Netflix හි ලංකාවේ වාර්තා අතරට

නෙළුම් කුළුණ චිත්‍රපටයේ දමිළ අනුවාදය Netflix හි ලංකාවේ වාර්තා අතරට

0
17


tamil-version-of-nelum-kulunna-movie-among-netflixs-sri-lankan-records

මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වන ‘නෙළුම් කුළුණ’ වැඩිහිටි සිංහල චිත්‍රපටයේ දෙමළ අනුවාදය ඊයේ සිට අන්තර්ජාලයේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගතවීම අරඹා ඇති අතර මේ වනවිට නෙට්ෆ්ලික්ස්හි ලංකාවේ නැරඹුම් අනුව අංක 1 ට ශ්‍රේණිගතව ඇත.
වැඩිහිටි විකට විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙහි කථාව වයෝවෘද්ධයෙකු ලිංගික
උත්තේජනයකින් පසුව මිය යාම වටා දිවයන අතර,
ඉතිරි කථාව ඔහුගේ පුත්‍රයන් සහ
පවුලේ අය ඔහුගේ අවසන් කටයුතු ඉටු කරන ආකාරය පිළිබඳව පවතී.
සිංහල බසින් මුලින්ම මෙම චිත්‍රපටය 2023 දී නිෂ්පාදනය  කරන ලද නමුත් තිරගත කරන්නට පමාවිය.
මුල්ම වතාවට සිංහල චිත්‍රපටයක් මුලින් නිපදවා පසුව එය ඉන්දීය භාෂා අනුවාදවලට හැරවූයේ මෙම චිත්‍රපටය බව කියැවේ. දමිළ බසින් ‘පෙරුසු’  නමින් නම් කර ඇති චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් OTT වේදිකාවේ දෙමළ බසින් මෙන්ම, තෙලුගු, මලයාලම් සහ කන්නඩ යන භාෂා ඔස්සේද නැරඹිය හැකි ලෙස ඉදිරිපත් කර තිබේ.
දමිළ අනුවාදයේ වයිබව් සහ නිහාරිකා NM ප්‍රධාන චරිත ලෙස රඟපාන අතර මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ නවක අධ්‍යක්ෂක ඉලංගෝ රාමනාදන් විසිනි.ට්‍රෙලරය පහතින්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here