කටුවන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මනිත්‍රීවරයෙකු විදේශීය රටක නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියදී මිද්දෙනිය මලල්කැටිගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අද (09) පෙරවරුවේ තංගල්ල විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය විමින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ සඳහා රඳවා ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකු වන ජුලම්පිටියේ අමරේද කටවුන ප්‍රදේශයේ සංවිධානාත්මක පාතල කල්ලි නායකයෙකු ලෙස ක්‍රියා කර තිබිණි.
මීට පෙර මිද්දෙනිය ප්‍රදේශයේදීම සංවිධානාත්මක අපාරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිගෙන් ගැබුණු තොරතුරු මත ගිනි අවි සහ අයිස් මත් ද්‍රව්‍ය සමග පොහොට්ටු පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙන්ම නාමල් රාජපක්ෂගේ සමීපතමයි ලෙස කටයුතු කර තිබූ සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි යන දෙදෙනද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මේ වනවිට හෙළිවන්නේ නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කළ අනිකුත් අපේක්ෂකයන්ට වඩා අත අත්අඩංගුවට ගත් මන්ත්‍රීටද විශේෂත්වයක් පැවති බවය.
5
Saru News













