හමුදාවට සීරුවෙන් සිටින්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි

0
4

“සැබෑ එකඟතාවක්” ඇති වී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු අමෙරිකානු හමුදා ඉරානය අවට තවදුරටත් රැඳී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,

“දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති සතුරෙකු විනාශ කිරීම සඳහා අවශ්‍ය අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් මෙන්ම අමතර පතොරම්, ආයුධ සහ අනෙකුත් සියලුම මාරාන්තික දේ සන්නද්ධව තබා ගන්නා” බවයි.

මෙම එකඟතාවන් උල්ලංඝනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව ට්‍රම්ප් පැවසුවද, යම් හෙයකින් එය එසේ නොවන්නේ නම්, “කවුරුන් හෝ මෙතෙක් දැක ඇති විශාලතම හා ශක්තිමත්ම ආකාරයෙන් යළිත් වෙඩි තැබීම් ආරම්භ කරන්න” යනුවෙන් අනතුරු ඇඟවා ඇති බව සඳහන් වේ.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි හිමි නොවිය යුතු බවටත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව පැවතිය යුතු බවටත් බොහෝ කලකට පෙර එකඟ වී ඇති බවය.

https://truthsocial.com/@realDonaldTrump/116372694697146221

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here