මේ අවුරුද්දේ නම් කැවිලි පෙවිලි ටිකක් ගෙදරදීම හදාගමු

0
13


කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල් කිලෝ 1
  • පැසුණු පොල් ගෙඩියක කිරි
  • බිත්තර 2
  • කහ කුඩු සහ ලුණු අවශ්‍ය පමණ
  • පොල්තෙල්

සකසාගන්නා ආකාරය:

  1. හාල් පෙගෙන්නට දමා කොටාගන්න.
  2. පෙනේරයකින් හොඳින් හලා ගන්න.
  3. පොල් ගෙඩියේ කිරි භාජනයකට දමා ගන්න.
  4. එයට ලුණු,කහ කුඩු සහ හාල් පිටි එකතුකරන්නහොඳින් මිශ්‍ර කරන්න.
  5. මිශ්‍රණය උකු වැඩි නම් දියකිරි එක් කරන්න.බිත්තරද එක් කරන්න.
  6. තෙල් තාච්චිය ලිප තබා හොඳින් රත්කරගන්න.තෙලට දමා කොකිස් අච්චුවද රත් කරගන්න.
  7. අච්චුවේ හතරෙන් තුනක් මිශ්‍රණය තවරා තෙලට දමන්න.
  8. රන්වන් පාට වනතුරු බැදගන්න.
  9. අවශ්‍ය වුවහොත් කොකිසය ගලවා ගැනීමට සිහින් දිගු පිරිසුදු හැඳි මිටක් {කූරක්}ළඟ තබා ගන්න.

කිරි ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සීනි ග්‍රෑම් 250
  • බටර් ග්‍රෑම් 25
  • වැනිලා තේ හැඳි 2
  • වතුර ටින් බාගයයි
  • පොල් තෙල්
  • කජු ග්‍රෑම් 200.[සිහින්ව කුඩු කරගත්]

සකසාගන්නා ආකාරය:

  1. පෑන් එකකට ටින් කිරි, සීනි,හා බටර් සහ වතුර එක් කරන්න.
  2. ලිප තබා මද ගින්නේ නටවා ගන්න.
  3. පසුව කජු එක්කර හැන්දේ ඇලෙන පදමට ගන්න.
  4. බටර් තැවරූ ලෑල්ලක මිශ්‍රණය අතුරා කෑලි කපා ගන්න.

අල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය:

  • අල ග්‍රෑම් 500
  • සීනි ග්‍රෑම් 750
  • ටින් කිරි පොඩි ටින් 1
  • බටර් තේ හැඳි 4
  • වැනිලා තේ හැඳි 1
  • කරඳ මුංගු කුඩු තේ හැඳි බාගයයි
  • පොල්තෙල්

සකසාගන්නා ආකාරය:

  1. අල හොඳින් තම්බා පොතු හැර ගන්න.
  2. පෑන් එකකට වතුර කෝප්ප 1/4 පමණ දමා එයට සීනි එක්කරන්න.
  3. එය ලිප තබා හොඳින් දියකරගන්න.
  4. එයට පොඩිකරගත්අල එක්කර ගන්න.
  5. මඳ ගින්නේ හොඳින් හැඳි ගා ගන්න.
  6. පැය බාගයකට පමණ පසු එයට බටර් සහ වැනිලා එක් කරන්න.
  7. මිශ්‍රණය හැන්දේ ඇලෙන පදම එනතුරු හැඳි ගා ගන්න.
  8. ලෑල්ලක අතුරා කැබලි කපා ගන්න.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here