රුධිරය දන්දෙන ලෙස ලෙබනන් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක්

0
6

ලෙබනනයේ රෝහල් සඳහා රුධිරය සපයන එකම ආයතනය ලෙබනන් රතු කුරුස සංවිධානය වන අතර, පවතින හදිසි තත්ත්වය හමුවේ රුධිරය දන් දෙන ලෙස ඔවුන් විවෘත ඉල්ලීමක් කර ඇති බව කවිදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (08) ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සිය ගණනක් මියගිය අතර, තුවාල ලැබූ රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බැවින් රුධිරය සඳහා දැඩි අවශ්‍යතාවයක් මතු වී ඇති බව සඳහන් වේ.

ලෙබනන් රතු කුරුස සංවිධානයේ සභාපති ඇන්ටොයින් සොග්බි පවසා ඇත්තේ ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු බොහෝ පිරිසක් රුධිරය ලබා දීමට ඉදිරිපත් වූ බවත්, ඕනෑම අර්බුදයකදී ලෙබනන් ජනතාව එකමුතුව නැගී සිටින බවත්ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here