ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
20


නීතිවිරෝධී ලෙස කැරට් 22 ඉක්මවූ අගයක් සහිත ස්වර්ණාභරණ තොගයක්, මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිටතට යාමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ  හරිත මාවතේදීයි.

එම කාන්තාවන් දෙදෙනා සෞදි අරාබියේ ජෙඩා නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් දෙදෙනා සිය සිරුරෙහි ග්‍රෑම් 932ක් බර මාල සහ වළලු පැළඳ ගෙන පැමිණ සිටි බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවේ.
එම ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂ අසූ පන් දහස් අට සිය විස්සක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 29 සහ 35 හැවිරිදි සෞදි අරාබියේ පිරිසිදු කරන්නියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනෙක්.
රේගු ආඥාපනත අනුව කැරට් 22 ඉක්මවූ අගයන් සහිත ස්වර්ණාභරණ මෙරටට රැගෙන ඒම තහනම් වන අතර, ඔවුන් සිය සේවා කාලය නිමවා පැමිණෙන අතරතුර ව්‍යාපාරික අවශ්‍යතා මත අදාළ ස්වර්ණාභරණ තොගය රැගෙන විත් ඇති බවයි රේගු විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
එම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර අදාළ කාන්තාවන් දෙදෙනාට දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here