පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීමට ත්‍යාග මුදල් ලබාදීමේ උත්සවයක්

0
17


කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාසයන් හි අපරාධ විසඳීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමේ උත්සවයක්  පවත්වා තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසයන් හි පොලිස් ස්ථාන 27 කට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන් 74 දෙනෙකු වෙනුවෙන්  සංකේතාත්මකව මෙම ත්‍යාග මුදල් ලබා දීම සිදු කෙරුණා.

ඔවුන් ඉටු කරනු ලැබූ සේවය ඇගයීම පිණිස සංවිධානය කෙරුණු මෙම උත්සවය හේතුවෙන් තව තවත් මෙම නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය අකුරටම කිරීමට උනන්දු වන අතර, මෙය සුවිශේෂි අගය කිරීමක් ලෙස දැක්විය හැකියි.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here