ඊළඟ දකුණු ඉන්දීය හිට් එක මිෂෙල්ද? Sri Lanka Latest News

0
19


පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේදී ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා සම්මානයට පාත්‍ර වුණා. ඒ සුන්දර රාත්‍රිය අවසන් වීමත් සමග ඇය දැන් සිහින දකින්නේ ජාත්‍යන්තර සිනමාව ජයගැනීමටයි. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ මිෂෙල් දිල්හාරාට දකුණු ඉන්දියානු සිනමාවට රංගනයෙන් දායක වෙන්න වරම් හිමිවීමත් සමග ඒ ගැන ඇගෙන් තොරතුරු අසා දැනගන්න හාට් අපි ඇයට කතා කළා. Sri Lanka Latest News

මිෂෙල්, ජනගත තාරකාවක් ලෙස අභිෂේක ලැබුවා. ඉතින් ඒ ගැන කතාකරමු?
ඔව්, ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මම බලාපොරොත්තු නොවුණු සම්මානයක් තමයි මට මෙවර රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේදී මගේ දෝතට ලැබුණේ. ඇත්තටම මේ සම්මානයේ හිමිකාරීත්වය වට වඩා ලබන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්. මොකද ඔවුන්ගේ කැමැත්ත අනුව තමයි මට මේ සම්මානය ලැබුණේ. ගොඩක් ස්තුතියි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව මේ සම්මානයට තෝරාගැනීම ගැන.
මීට පෙරත් ඔබට සම්මාන හිමිවුණා නේද?
ඔව්, 2019 ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ අයෝමා චරිතය වෙනුවෙන් නැගී එන නිළියට හිමි සම්මානය මට ලැබුණා.
දැන් ඉතින් මිෂෙල්ගේ හොඳම කාලය නේද?
මාත් එහෙම හිතනවා. ඉදිරියට ලැබෙන චරිත ගැනත් හොඳ අවධානයකින්, ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිත මම කරනවා. මොකද මේ මගේ වෘත්තිය. කරන දේ හරියට කරන එක මගේ වගකීමක්.
දැන් ඉතින් ජාත්‍යන්තර රංගන ශිල්පිනියක්නේද?
තවම එහෙම නැහැ ඉතින්.
දකුණු ඉන්දියානු සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් කෝවිලේ තමයි ‘බයිලා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල තිබුණේ. ආරම්භක උත්සවය අවසන් කරලා ඉන්දියාවේ රූගතකිරීම් සිදුකළා. නැවත මැයි මාසයේ ‘බයිලා’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා මම ඉන්දියාවට යනවා.
දකුණු ඉන්දියාවේ සිනමාව ආක්‍රමණය කළ සමුතිරකානි සමග ඔබට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා නේද?
ඔව්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. ධනුෂ්, කමලා හසන්, රජිනිකාන්ත් ඇතුළු විශිෂ්ට ශිල්පීන් සමග ඔහු මෙයට පෙර රඟපෑවා. බයිලා චිත්‍රපටයේ ඔහු සමග මම සුවිශේෂ චරිතයක් රඟපානවා. සමුතිරකානි සමග එකට රඟපානකොට රංගන පාසලක් වගේ හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ චිත්‍රපටයේ රම්‍යා නම්බියන්, රාජ්කුමාර් සහ යෝගි බාබු ප්‍රධාන චරිත රඟපානවා.
මේ දවස්වල මිෂෙල්ගේ අනෙකුත් වැඩකටයුතු මොනවද?
රොන් සොයා, රහයි ජීවිතේ ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරගෙන යනවා. මේ වැඩකටයුතු අවසන් කරලා ඉන්දියාවට යන්න තමයි සූදානම.
ඉදිරියේදී මිෂෙල් දකුණු ඉන්දියානු නිර්මාණ සඳහා විශේෂත්වයක් දක්වයිද?
එහෙම නැහැ. ලංකාවේ හොඳ නිර්මාණ සඳහාත් සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් බයිලා චිත්‍රපටයෙන් මගේ රංගනයේ ලොකු වෙනසක් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනෙයි. මගේ රටට ගෞරවයක් ගේන්න මගේ දක්ෂතාවයෙන් උපරිම කැපකිරීමක් කරනවා.
ජාත්‍යන්තර සම්මානනීය නිළියක් වේවි එහෙනම්?
බලමු නේද? තාම ඉතින් පටන්ගත්තා විතරයිනේ.

වසන්ත විතාරණගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here