ලෝක වෙළෙඳ පොළේ රන් මිලට සාපේක්ෂව මෙරට ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ රන් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ස්වර්ණාභරණ අලෙවිය සියයට 25 ක් දක්වා පහත වැටී ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් මහතා කියයි.
මෙරට ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ කැරට් 24 ක රන් පවුමක මිල ඊයේ (08) සටහන් වූයේ රුපියල් 405,000 ක් ලෙසිනි.
එය පෙරේදා (07) දිනයට සාපේක්ෂව රුපියල් 7,000 ක වැඩිවීමකි.
Saru News
















