ඉරාන තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් – සටන් විරාමය බිඳවැටෙන ලකුණු

0
7

ඉරානයේ ලාවාන් තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

එම පිරිපහදුවට එල්ල වු ප්‍රහාරයෙන් එම පිරිපහදුව ගිනිගෙන ඇති බව පැවසේ.

මේ පිරිපහදුව ඉරානයේ දකුණු වෙරළේ සිරී දූපතේ පිහිටි එකකි.

මෙම ප්‍රහාරය ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් හෙළා දැක ඇති අතර මෙම ප්‍රහාරයත් සමඟ සටන් විරාමය උල්ලංඝණය කිරීම් කිහිපයක්ම සිදුව ඇති බව ඔහු කියා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here