කෝටි 04ක හෑෂ් සමග දෙදෙනෙක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
5

කෝටි 04කට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලියන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය 06 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන් යන අයගේ මෙහෙයවීම මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව කියන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයකු හා එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 29ක කාන්තාවක් වන අතර ඔවුන් සමග එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථයක් හා යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වත්තල ආසිරි උයන තුන්මන් හංදිය අසළදී සිදුකළ වැටලීමකදී  සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ සැකකාරිය වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here