ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:විපක්ෂ නායකතුමා කරනවා වගේ සබ්මැරීනවල වර්ග හෙවිම, ටෝපිඩෝවල වර්ග හෙවිම වගේ මේ අර්බුද මැද ආර්ථිකය කළමනාකරණය පහසු දෙයක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
ඔහු පැවසුවේ පසුගිය වසර එකහමාර තුළ ආණ්ඩුව විසින් ගෙන ගිය වැඩපිළිවෙල හමුවේ අභ්‍යන්තර කම්පන සහ බාහිර කම්පනවලට මුහුණ දෙමින් තත්ත්වය කළමනාකරණය කර ඇති බවයි.
”ආර්ථිකයක යහපත්ම දේ තමයි ආර්ථිකයට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටර්නල් ශෝක්ස් ඒ කියන්නේ අභ්‍යන්තර කම්පන සහ බාහිර කම්පන දරාගන්න. කොයිතරම් දුරට එය දරාගන්න පුළුවන්ද කියන එක මත තමයි රටක ආර්ථිකය කොයිතරම් ශක්තිමත්ද කියල තීරණය කරන්නේ. එතකොට ලංකාවේ ගත්තොත් 2024 වෙද්දීත් රෝල ගියපු රටක්නේ. 2022 බංකොලොත්භාවය ප්‍රකාශ කරලා IMF වැඩසටහනට ඇතුල් වෙලා 2024 අපි ආණ්ඩුව ගනිද්දීත් මේකේ රෝල තමයි ගියේ. එහෙම ගියපු රටක් අවුරුදු එකහමාරක් ඇතුළත අපිට ගේන්න පුළුවන් වෙච්ච තැනක් තියෙනවා. ඩොලර් බිලියන 7.3ක සංචිතයක් මේ අවුරුද්ද අවසානයේ සලකුණු කළේ මතක තියාගන්න ඩොලර් බිලියන 2.2ක වාහන ගෙන්වල ඩොලර් බිලියන 3කට වඩා විදෙස් ණය පොළී ගෙවල එහෙම තත්ත්වයක් තුළ අපිට මේක වැඩිකරගන්න පුළුවන් වුණා. ලංකා ඉතිහාසයේ වැඩිම ආපදාවක් කරපු දිට්වා ආපදාව ලෝක බැංකුවේ ඇස්තමේන්තුව අනුව ඩොලර් බිලියන 4.1ක්, ඒකට මුහුණ දෙන්න ඒකට අතිවිශාල සහන පැකේජයක් දෙන්න ජනතාවට ලබාදෙන්න, ඒවගේම එතනින් මාස දෙකක් ගියාට පස්සේ මේ බාහිර කම්පනය, ලෝක යුද තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සැපයුම අවහිර වීමට මුහුණ දෙන්න හැකිවෙලා තියෙනවා. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න ඕනේ. මේ යන යන වෙලාවට ප්ලාස්ටර් ගහනවා නෙවෙයි. පහුගිය අවුරුදු එකහමාරේ විධිමත් සැලසුමක් ඇතුව ලංකාවේ ආර්ථිකය අපි වර්ධනය කළා. ඉතිහාසයේ හොඳම දත්ත වාර්තා කළා. අයවැය හිඟය 2.4 දක්වා පහළ දැම්මා. 1956න් පස්සේ අගය. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1.8කට ගෙනාවා. ඉතිහාසයේ අවස්ථා හතරයි තියෙන්නේ, මේක තමයි වැඩිම අගය. රජයේ බදු ආදායම 17.5කට වැඩි කළා 1996න් පස්සේ. උද්ධමනය පාලනය කළා. බැංකු පොළී අනුපාතය ස්ථාවර කළා. මේ සියල්ලත් එක්ක තමයි අපි මේ අර්බුදයන්ට මුහුණ දෙන්නේ. ඒ ගෞරවය මේ ආණ්ඩුවේ මුදල් කළමනාකරණය කරපු ඇමතිවරුන්ට, මහ බැංකුවට ඇතුළු ඒ නිලධාරීන්ට ස්තූති කළ යුතුයි. අර්බුදය මැදත් මේ තරම් රට ස්ථාවර කර තිබීම, බලශක්ති සැපයුම ස්ථාවර කර තිබීම,ජනතාව ඒක ලබා ගන්න පුළුවන් මට්ටමට ගෙන තිබීම තමයි වැදගත්ම දේ. ඒක මේ ආණ්ඩුව කරලා තියෙනවා. මේක ලේසි වැඩක් නෙවෙයි. විපක්ෂ නායකතුමා කරනවා වගේ සබ්මැරීනවල වර්ග හොයන එක, ටෝපිඩෝ ල වර්ග හෙවීම තරම් සරළ වැඩක් නෙවෙයි.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

The post අර්බුද මැදත් අපි අපේ වැඩේ කරලා තියෙනවා. ඒක විපක්ෂනායකතුමා සබ්මැරීනවර්ග හොයනවා වගේ පහසු නැහැ – මන්ත්‍රී නජිත් appeared first on LNW Sinhala.
Saru News
















