ලබන වසරේ (2026) අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා 2025.09.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කතාව) 2025.11.07 දින සිදුකිරීම ඇතුළු පාර්ලිමේන්තු රැස්වීම් පිළිබද වැඩසටහනට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී ඇත.
එම වැඩසටහන අග්‍රාමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් , 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ
පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ වැඩසටහන සකස් කර ඇත.
එම වැඩසටහනට අනුව දෙවනවර කියවීමේ අයවැය විවාදය 2025.11.08 දින සිට 2025.11.14 දින දක්වා සහ අයවැය
තෙවනවර කියවීමේ (අයවැය කාරක සභා අවස්ථා) විවාදය 2025.11.15 දින සිට 2025.12.05 දින දක්වා සිදුකර
අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම 2025.12.05 දින සිදු කිරීමට ද නියමිතය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media