ජූලි සිට වැඩි­හිටි දීම­නාව බැංකු ගිණු­ම්ව­ලට පම­ණයි

0
4

ලබන ජූලි මාසයේ සිට වැඩි­හිටි දීම­නාව ගෙවනු ලබන්නේ බැංකු ගිණුම් ඔස්සේ පම­ණක් යැයි ජාතික වැඩි­හිටි ලේකම් කාර්යා­ලය දැනුම් දෙයි.

එම නිසා ජාතික හැඳු­නු­ම්පත් නොමැති වැඩි­හි­ටි­යන් සිය වසමේ ග්‍රාම නිල­ධා­රි­ව­රයා හෝ අදාළ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ වැඩි­හිටි විෂය භාර නිල­ධා­රි­ව­රයා මඟින් ඒ පිළි­බඳ වැඩි විස්තර ලබා ගන්නා ලෙස ද වැඩි­හිටි ලේකම් කාර්යා­ලය දැනුම් දෙයි.

මේ වන විටත් බැංකු ගිණුම් මඟින් වැඩි­හිටි දීම­නාව ලබා­ගන්නා වැඩි­හි­ටි­යන්ගේ ගිණු­ම්ව­ලට මාර්තු මාස­යට අදාළ දීම­නාව බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල ඔස්සේ දීම­නාව ගනු ලබන ප්‍රති­ලා­භීන් සඳහා අප්‍රේල් මස 09, 10, 11 දින­ය­න්හිදී මාර්තු මස දීම­නාව ගෙවී­මට සැල­සුම් කර ඇත.

අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්වල වයස අවු­රුදු 70 ඉක්මවූ වැඩි­හි­ටි­යන් සඳහා රුපි­යල් 5,000ක මාසික දීම­නා­වක් ගෙවනු ලැබෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here