වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශවයට අයත් වරුණගම ප්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.
මාලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක තවත් ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වෙයි.
අනතුරින් මාලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක ද සටහන් වී තිබේ.
අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව වැඩිදුර සඳහන් වෙයි.
Saru News
















