අදත් ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

0
6

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ අද (08)උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය.

ඊයේ (07) රාත්‍රී 8 සිට අද (08) උදෑසන 8 දක්වා කාලය තුළ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේකඩේ හංදිය, කුඩාමාදුව සහ පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් මෙලෙස ජල සැපයුම් සීමා කිරිමට පියවර ගෙන තිබේ.  

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here