Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් උතුරු-නැගෙනහිර සාමනේර හිමිවරුන් 100 දෙනෙකු කොළඹට

පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් උතුරු-නැගෙනහිර සාමනේර හිමිවරුන් 100 දෙනෙකු කොළඹට

0
23


100 novice monks from the North and East arrive in Colombo to commemorate the Easter attacks

ලබන 21 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ හය වන සංවත්සරය නිමිත්තෙන් ‘පහන්වැට’ ජාතික ව්‍යාපාරය විසින් උතුරු හා නැගෙනහිර පළාත්වලින් සාමනේර හිමිවරුන් 100 දෙනෙකු කොළඹට වැඩම කරවා සර්වාගමික වැඩසටහනක් සංවිධානය කිරීමට සූදානම් වන බව එම සංවිධානයේ සභාපති ඉඳුනිල් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මෙම සාමනේර හිමිවරුන් අතරින් 50 දෙනෙකු උතුරු පළාතේ කිරිඉබ්බන් වැව හා හබරණ ප්‍රදේශවලින් සහ තවත් 50 දෙනෙකු නැගෙනහිර පළාතේ අම්පාර හා අරන්තලාව ප්‍රදේශවලින් වැඩම කරවීමට කටයුතු යොදා ඇත.
සංවිධානය කර ඇති වැඩසටහන අනුව, එක් සාමනේර හිමිවරුන් කණ්ඩායමක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසලදී ආගමික වතාවත් සිදු කරන අතර, අනෙක් හිමිවරුන් කණ්ඩායම මහියංගණ රජමහා විහාරයේ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය. ඉන් අනතුරුව එදින සවස කාලයේදී සියලුම හිමිවරුන් කැලණිය ප්‍රදේශයට වැඩම කරවීමට සැලසුම් කර ඇති බව ද සිල්වා මහතා සඳහන් කළේය.
ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරමින්, මෙම සාමනේර හිමිවරුන්ට දහවල් දානය පිරිනැමීමේ කටයුතු ඉස්ලාම්, කතෝලික හා හින්දු බැතිමතුන් විසින් සිදු කරනු ඇත. මීට අමතරව, කොළඹට වැඩම කරන හිමිවරුන් සඳහා කොළඹ වරාය නගරය, න
ෙළුම් කුලුන, ගුවන්තොටුපොළ සහ දෙහිවල සත්වෝද්‍යානය වැනි ස්ථාන නැරඹීමට ද අවස්ථාව සලසා දී ඇති බව ඉඳුනිල් ද සිල්වා මහතා පැවසීය.
වැඩසටහන දෙවන දිනයේදී, එනම් 22 වැනිදා, මීගමුව ප්‍රදේශයේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් ද සංවිධානය කර ඇත. එහිදී සර්වාගමික කණ්ඩායම්වල දරුවන්ගේ සහභාගීත්වයෙන් “නාගරික වන උද්‍යානයක්” ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බව ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
‘පහන්වැට’ ජාතික ව්‍යාපාරය මෙම වැඩසටහන සංවිධානය කරන්නේ ජාතික සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් බව ද, ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ පාරිසරික සංරක්ෂණය, සංස්කෘතික හුවමාරුව, පාරිසරික අධ්‍යාපනය ඇතුළු මූලික ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක කරගනිමින් තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here