අලුත් අවුරුද්දෙන් පස්සෙ පොලිස් කොමිසමේ කාලෙ හමාරයි

0
7

ජාතික පොලිස් කොමිෂන් සභාවේ වසර තුනක නිල කාලය ලබන මස 15 වැනිදායින් අවසන් වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයකු හා සාමාජිකයන් හත් දෙනකු පත්කර ගැනීමට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව මගින් පසුගිය මස 27 වැනිදා අයැදුම්පත් කැඳවා තිබේ.

මේ අතර ඊට අදාළව නව නිලධාරී මඬුල්ලක් පත් කෙරෙන තෙක් වත්මන් පොලිස් කොමිෂන් සභාව බලාත්මකව කටයුතු කරන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ වත්මන් සභාපතිවරයා ලෙස හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා කටයුතු කරයි.

සෙසු සාමාජිකයින් ලෙස, කනපතිපිල්ලේ කරුණාහරන් මහතා ( විශ්‍රාමලත් දිස්ත්‍රික්ක ලේකම්), දිල්ෂාන් කපිල ජයසූරිය මහතා (නීතිඥ), ඒ.ඒ.එම්. ඉල්ලියාස් මහතා (ජනාධිපති නීතිඥ) හා ජයන්ත ජයසිංහ මහතා ( විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති) කටයුතු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here