අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
අද උදෑසන 5.45 වන විට වෙළෙඳපොළ දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක පහළ යාමක් ලෙස වාර්තා වේ.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.48ක පහළ යාමක් බව සඳහන්ය
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇත.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 106.51ක් දක්වා අඩුවී ඇත.
ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව සියයට 18.85ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Saru News
















