කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පොළ පළමු අදියර හෙට ජනතා අයිතියට – Saru News | සිංහල

0
7

කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පොළෙහි සිදු කරනු ලබන නවීකරණ කටයුතු පළමු අදියර හෙට (08) පෙරවරු 10.00ට විවෘත කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අතර, ජනතාවට වැඩි පහසුකම් සහිත, පිරිසිදු හා නවීන ප්‍රවාහන පරිසරයක් සකස් කිරීම මෙහි අරමුණ වේ.

ඒ අනුව මෙහි පළමු අදියර යටතේ,

පවතින ගොඩනැගිලි නවීකරණය, නව තොරතුරු මධ්‍යස්ථානයක්, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, බස් රථ පිටත පෝලිම් ප්‍රදේශයක් සකස් කිරීම සහ වටපිටාව අලංකාර කිරීම යන කටයුතු සිදුකර ඇත.

මෙහි නවීකරණ කටයුතු ආරම්භ කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක සඳහන් කළේ 2026 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නවීකරණ කටයුතු අවසන් කර මහජන භාවිතය සඳහා විවෘත කරන බවයි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here