පැලැන්වත්ත ඇතුළුව ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

0
9

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැවවල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරක පිටිය පාර, නියදගල පාර, දොලේකඩේ හන්දිය, කුඩමාදුව 255 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා ප්‍රදේශ වලට අද (07) ප.ව. 8.00 සිට හෙට (08) පෙ.ව. 8.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇත.

පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමාකර ඇති අතර එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය සපයනු ලබන ඉහත ප්‍රදේශයන් සඳහා ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන් වේ.


 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here