රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

0
10

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වේ.

ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ආයතනික අනුමැතියකින් තොරව බාහිර සේවකයින් පිරිසක් බඳවාගෙන හිටපු අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත අනුයුක්ත කිරීමයි.

මෙම ක්‍රියාව හේතුවෙන් රජයට අයත් රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 14.32 ක මූල්‍ය අලාභයක් සිදු කර ඇති බවට කරුණු හෙළි වී ඇත.

රාජ්‍ය සම්පත් අයථා ලෙස පරිහරණය කිරීම සහ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වීම පදනම් කරගනිමින් මෙම නීතිමය පියවර ගෙන තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here