රුපියල් හතලිස් පන්දහසක (රු. 45,000) අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු, සැකකරු ඊයේ (06) පෙරවරුවේ අයිරබි හංදිය පාලම අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින්, බලපත්‍රයක් නොමැති ඉඩමකට ඔප්පුවක් සකසා දෙන බව පවසා, මොහු මීට පෙර අවස්ථාවලදී රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 275,000) මුදලක් අදාළ පැමිණිලිකාරියගෙන් ලබාගෙන තිබේ.
අනතුරුව නෝවුඩ් වසම භාර ග්‍රාම නිලධාරිගේ වාර්තාව ලබා ගැනීමට ඔහුට ලබාදිය යුතු බව පවසා සැකකරු නැවතත් රුපියල් 45,000ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල ලබාගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
4
Saru News













