අවුරුදු සමයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

0
12


මෙම මස 15, 16 හා 17 යන දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව එම දින තුනේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහ්න 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ. 

එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව අප්‍රේල් 15, 16 හා 17 යන දින තුන තුළ ක්‍රියාත්මක නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here