ලෝක යුද්ධය හමුවේ ආණ්ඩුවෙන් රු. කෝටි 10,000ක සහන පැකේජයක්… – Saru News | සිංහල

0
15

ලෝකයම වෙලාගෙන තිබෙන යුද්ධයේ දරුනු බලපෑම් හමුවේ මෙරට ජනතාවට රුපියල් කෝටි 10,000ක සහන පැකේජයක් ලබාදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ අනුව ඉන්ධන සහනාධාරයක්, අස්වැසුම ලාභීන්ට අප්‍රේල් මාසයට සහනාධාරයක්, ගොවීන්ට පොහොර සහනාධාරයක් සහ ධීවර කාර්මිකයින්ට ඉන්ධන සහනාධාරයක් ඇතුළුව සමාජයේ විවිධ කොටස්වලට බලපාන අර්බුදය සමහන් කර ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රවලට අවශ්‍ය පරිදි සහන ලබාදීමට නියමිතය.

පසුගිය දිට්වා සුලි කුණාටුව හමුවේ රුපියල් කෝටි 50,000ක සහන පැකේජයක් ලබාදුන් ආකරයටම මෙම රුපියල් කෝටි 10,000ද මෙම වසර වෙනුවෙන් රජයේ වියදම් සීමාව ඉක්මවා නොයන පරිදි කළමනාකරණය කරගන්නා බව මෙම සහන පැකේජය ප්‍රකාශයට පත්කරමින් අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති, මුදල් හා ආර්ථික සංවර්ධන ඇමති අනුර දිසානායක අවධාරණය කළේය.


13

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here