පළමු අවස්ථාවේම බට්ටිට කාසියේ වාසිය – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

0
16


නිශ්මං රණසිංහ ,අප්‍රේල් 07, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම ඔස්ට්‍රේලියානු සංචාරයේ සිය ප්‍රථම තරගයට මුහුණ දෙමින් පන්දුවට පහර දෙමින් සිටින්නීය.සිය පළමු අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේදී චමෝදි ප්‍රබෝධා කාසියේ විසිය දිනා ගන්නට සමත් වූවාය.ඇය කාස්යේ වාසිය ලැබීමෙන් ඉනික්බිති පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදි එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියානු 19 න් පහළ කණ්ඩායම කඩුලු 6 ක ජයක් අත් කර ගත්තාය.එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියල්ල දැවී ලකුණු 166 ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 167 ක් රැස් කරන්නට සමත් විය.ඔස්ටේලියානු ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් නොදැවී ලකුණු 58 ක් ලැබූ නායිකා පන්දු යැවීමෙන් ද ලකුණු 28 ට කඩුලු 3 ක් ලබා ගනිමින් දස්කම් දැක් වූවාය.

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති විනස් වීරප්පුලි ලකුණු 28 ට එක් කඩුල්ලක් දවා ගත්තාය.

The post පළමු අවස්ථාවේම බට්ටිට කාසියේ වාසිය – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here