රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක අද (07) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක බිමල් රත්නායක සඳහන් කළේ එම සහන පැකේජය සඳහා ඊයේ (06) පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි.
ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
3
Saru News
















