වළ­දමා තිබූ ‘හාවා’ගේ සිරුර මහේ­ස්ත්‍රාත් ඉදි­රියේ ගොඩ­ගනී

0
18

කුඩු සළිදු නමැති පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ සමී­ප­ත­ම­යෙක් විසින් “කුඩු නිලංග” නමැත්තා ඇතුළු සිව්දෙ­නෙක් විසින් 2021 වස­රේදී පාණ­දුර පිංවල සුසාන භූමි­යේදී පුද්ග­ල‍යෙක් ඝාත­නය කරනු ඇසින් දුටු සාක්ෂි­ක­රු­වෙක් වූ “හාවා” නමැති අයද රහ­සි­ග­තව ඝාත­නය කර හොරණ තිබ්බො­ටු­ගොඩ සුසාන භූමියේ වළ­දමා ඇතැයි හෙළි­ක­ර­ගත් පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන් විසින් එම සිරුර ඊයේ (06) ගොඩ­ග­න්නා ලදී.

මේ ඝාත­නය 2024 වසරේ අගෝස්තු මාස­යේදී 03 වැනිදා සිදුව ඇති අතර එදා සිට එම සාක්ෂි­කරු අතු­රු­දන් වූ පුද්ග­ල­යෙක් බවට පත්ව සිටි බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

පාණ­දුර පිංවල සුසාන භූමියේ සිදුවූ මිනිස් ඝාත­නය සම්බ­න්ධ­යෙන් පාණ­දුර අධි­ක­ර­ණයේ නඩු විභා­ගය පැවැ­ත්වෙන අතර සඳුන් උදාර අල්විස් හෙවත් හාවා නමැති අය එම නඩුවේ ඇසින් දුටු සාක්ෂි­ක­රු‍‍වෙක් බව වාර්තා වේ.

වෘත්ති­යෙන් ත්‍රිරෝද රථ රිය­දු­රෙක් වන ඔහු අතු­රු­දන් වන්නේ 2024 වසරේ අගෝස්තු මස 3 වැනිදා ගැබිනි කාන්තා­වක සමඟ කුලී ගම­නක් ගිය අත­ර­තු­ර­දීය.

උදාර අල්විස් නොහොත් හාවා නමැ­ත්තාගේ බිරිය වන චතුරි ලක්ෂානී නමැ­ත්තිය හිරණ පොලී­සිය වෙත ඒ සම්බ­න්ධ­යෙන් 2024 වසරේ අගෝස්තු 8දා පැමි­ණිලි කර ඇත.

අතු­රු­දන්ව සිටින හාවා නමැත්තා ඝාත­නය කර ඇති බවත් එම ඝාත­නය සිදු­කර ඇත්තේ 2021 වසරේ ජූලි 11 වැනිදා පිංවල සුසාන භූමි­යේදී සිදුවූ ඝාත­නයේ සාක්ෂි විනාශ කිරී­මට බව අනා­ව­ර­ණය කර­ගත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන් විම­ර්ශන පවත්වා සැක­ක­රු­වන් දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

ඒ මේ ඝාත­නය සිදු­කළ බව කියන ඇඹි­ලි­පි­ටියේ සුරංග සහ හාවා නමැත්තා කුලී ගමන් සඳහා යොදා­ගත් ත්‍රිරෝද රථය සැඟ­වී­මට සම්බන්ධ වූ චමින්ද නානා­ය­ක්කාර නමැති අයයි.

ඔවු­න්ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලින් හෙළිවූ තොර­තුරු මත ත්‍රිරෝද රථය ගෝපොල, ඔල­බො­ඩුව ප්‍රදේ­ශයේ තිබී සොයා­ගෙන ඇත.

හාවා නමැ­ත්තාගේ දේහය ඊයේ ගොඩ­ගනු ලැබුවේ හොරණ මහේ­ස්ත්‍රාත් ලක්මිණි විදා­න­ගම මහ­ත්මිය සහ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී විශේ­ෂඥ වෛද්‍ය සඳ­කැ­ළුම් වඩුගේ මහතා ඉදි­රි­යේය. මිල්ල­නිය ප්‍රාදේ­ශීය සභාවේ කම්ක­රු­වන් වළ හෑරී­මට කට­යුතු කළේය.

ඝාත­නය වූ පුද්ග­ලයා පාණ­දුර, කිරි­බේ­රිය, ගල්පොත්ත පාර ලිපි­නයේ පදිං­චි­ක­රු­වකු වන අතර කිරි­බේ­රිය ත්‍රිරෝද රථ ගාලේ කුලී ත්‍රිරෝද රථ රිය­දු­රෙකු ලෙස කට­යුතු කළ අයෙකි.

කුලී ගම­නක් යන මුවා­වෙන් “හාවා” නමැත්තා රැගෙන ගොස් ඝාත­නය කර ඇති බවද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය විය.

හාවා නමැ­ත්තාගේ බිරිය හා පියා විසින් පොලි­ස්ප­ති­ව­ර­යාට හාවාගේ අතු­රු­ද­න්වීම ගැන පැමි­ණි­ලි­කර තිබුණි. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී රොහාන් ඕලු­ගල මහ­තාට පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා විසින් මෙහි විම­ර්ශන කට­යුතු භාර­දී­මට කට­යුතු කර ඇති අතර ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහ­තාගේ සැල­සු­ම­කට අනුව පො.ප. චතු­රංග, උ.පො.ප. ජය­වීර ඇතුළු නිල­ධා­රීන් විසින් සිදු කළ විම­ර්ශ­නයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙය පැහැ­ර­ගැ­නී­මක් නොව ඝාත­න­යක් බවත් ඔහුගේ සිරුර තිබ්බො­ටු­ගොඩ සුසාන භූමියේ වළ දමා ඇති බවත් අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

වෑන් රථ­ය­කින් පැමිණි සැක­ක­රු­වන් අක්කර 90 නමැති කැලෑ­බද ප්‍රදේ­ශ­යක දී හාවා නමැත්තා ඝාත­නය කර සිරුර වෑන් රථයේ දමා­ගෙන පැමිණ මොවුන් විසින් තිබ්බො­ටු­ගොඩ සුසාන භූමි­යට රැගෙන විත් වළ දමා සඟවා ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here