‍වසරේ ගත වූ කාලය තුළ මාරක අනතුරු 676ක්

0
20

වාර්ෂිකව සිදුවන මාර්ග අනතුරුවල ක්‍රමානකූල ඉහළයාමක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි.

පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් මාරක රිය අනතුරු 676ක් වාර්තා වී ඇති බවය.

මාර්ග අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා,

”මාරක අනතුරු ව්‍යසනයක් වෙලා තියෙන්නේ.. එන්න එන්නම වැඩිවෙනවා.. සංසදනාත්මකව ගත්තොතින් මාරක අනතුරු වැඩිවෙලා තියෙනවා 74කින්.. මියගිය සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා 80කින්.. ගොඩාක් දුරට මාර්ගයේ ගුණාත්මකභාවය, අපරික්ෂාකාරී ලෙස ධාවනය, අධික වේගයෙන් ධාවනය කිරීම, බීමත්ව රිය ධාවනය තමා මේවට හේතු වෙන්නේ.. වැඩියෙන්ම මිය යන්නේ පදිකයෝ.. අප්‍රෙල් 5 වෙද්දී පදිකයෝ මිය ගිහින් තියෙනවා 230ක්.. යතුරුපැදිකරුවෝ මිය ගිහින් තියෙනවා 247ක්..”

එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ රිය අනතුරුවලින් මියයන වැඩිදෙනෙකු තරුණ ප්‍රජාව වන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here