රෝහල් කිහිපයක විශේෂඥ වෛද්‍ය ඒකක වහලා – GMOA

0
17

මෙරට රෝහල් කීපයක විශේෂඥ වෛද්‍ය ඒකක හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ රෝහල් තනතුරු අහෝසි කරදැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ GMOA සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා කියයි.

ඒ අනුව රාගම රෝහලේ විශේෂ ඒකකයේ වකුගඩු, අක්මා බද්ධ කිරීමේ ඒකකය වසාදමා ඇතැයිද, ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒකකය වසා දමා ඇතැයිද ඔහු සඳහන් කරයි.

මීට අමතරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන විශේෂඥ වෛද්‍යවරයාගේ තනතුර රාගම ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ විශේෂඥ තනතුර ඉවත් කර ඇතැයිද ඔහු කියා සිටී.

මෙරට රෝහල්වල සේවා සඳහා විශේෂඥ වෛද්‍යවරු 3000 ක් පමණ සිටියමුත් මේ වන විට සිටින්නේ විශේෂඥ වෛද්‍යවරු 2100 ක් පමණකැයි ද විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් පවසයි. මේ ආකාරයට විශේෂඥ වෛද්‍ය ඒකක සහ තනතුරු අහෝසි කිරීම් මගින් විශේෂඥ වෛද්‍යවරුන් රට අතහැර යෑම වැඩිවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here